Friday, January 10, 2014

මාත් දැන් සාඩම්බර බ්ලොග් කරුවෙක්...

 එහෙ බැලුවත් බ්ලොග්,
මෙහෙ බැලුවත් බ්ලොග්,
බැලු බැලු අත බ්ලොග්...

ඒ බ්ලොග් අතරට එකතු වුණු තවත් බ්ලොග් අඩවියක්.. කේන්ද්‍රය...

      මං,අවුරුදු කීපයක් තිස්සෙ මේ බ්ලොග් අවකාශෙ සැරිසරපු කෙනෙක්..  

දාහක් පෝස්ටු අතරින් කාලය ගෙවිලා යනවත් එක්කම මට දැනුනු දෙයක් තමයි හැම මනුස්සයෙක්ම නිර්මාණකරුවෙක් කියන එක. ඒත් පැහැදිලිවම පේන්න තියෙන දේ තමයි එක එක්කෙනාගෙ  නිර්මාණශීලිත්වයෙ ප්‍රමාණාත්මක හා ගුනාත්මක බව එක එක්කෙනාට වෙනස්. අපිට ඒක දැනෙන හැගෙන විදිය වෙනස්. ඒ වෙනස තමා මේ හැමතැනම තියෙන විවිධත්වෙට හේතුව.
                                                                                     
              ඒ සෞන්ර්යෙ දිග පළල ඇත්තෙන්ම අනිර්වචනීයයි. මොකද ඒ තමා මනුස්සයෙක් තුළ තියෙන සියුම් බව එක්ක ආලේක්‍ය වුණු ආඛ්‍යායිකාව. අත්දැකීම් වලින් ජීවිතේ පිරෙන තරමට එහි මුවහත් බව වැඩියි.තියුණු බව වැඩියි.
                හැම කෙනෙක්ගෙම නිර්මාණශීලිත්වය තමන්ට ආවේණික අමුතු රටාවක්. ඒ රටාව තමන්ම අදුන ගෙන,උචිතානුචිත විවේක බුද්ධිය; ඒ කියන්නෙ ගැලපෙන නොගැලපෙන දේ තෝරාගැනීමට ඇති ඉවසිලිවන්ත බව හා බුද්ධිමත් බව ඇසුරින් පුහුදුන් නිර්මාණයක් බිහි කරන මොහොතයි තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය.
                  ඉතිං බ්ලොග් අවකාශයෙ එහෙ මෙහෙ සැරිසරපු කාලය අතරතුර මට හැගුනු දැනුනු දේ තමා මේ.
නානාප්‍රකාර පෝස්ටු ඇතුලෙ තිබ්බ ගැඹුරු රසවින්දනය තමා මාව බ්ලොග් කරුවෙක් බවට පත් කළේ. ඒකට මං සහෘද බ්ලොග් කරුවො සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා.
ඉස්සර මං හොද බ්ලොග් කියවන්නෙක්. ඉතිං අද හුදු බ්ලොග් කියවන්නෙක් විතරක්ම නෙවී,
මාත් දැත් සාඩම්බර බ්ලොග් කරුවෙක්...




 ස්වීය අනුභූතීන්ගෙන්
පරිසමාප්තියෙන් නිර්මිතව,
හිත් කොණේ නාභිගත වී
නිරුත්සාහයෙන් ලියැවෙන සූචන
යතුරු පුවරුවෙන් ගලපා,
එකක් අඩු දහසක් බ්ලොග් අඩවි අතරින්
සයිබරයට එක්කොට,
රූපාන්තරණයෙන් තොරව,
ප්‍රතිබිම්බනය කරන්නට දරන
නිරංකුස වෑයම....

No comments:

Post a Comment